top of page

96

  • Chathu Hathurusingha
  • May 31, 2021
  • 1 min read

මිනිස්සුන්ට තමන්ගෙ ජීවිතේ මග ඇරුණු තැන්, තමන්ට ඇත්තටම ජීවිතේ කියල හිතෙන තැන් වල මොහොතකට හරි ජීවත් වෙන්න ලැබෙනව කියන්නෙ ඒක හරිම වාසනාවන්ත දෙයක්.


ඒකට නිදහස් පරිසරයක් සහ විවෘතබාවයක් තියෙනවා කියන්නෙ ඊටත් වඩා ලස්සන දෙයක්.

අපිත් සමහර වෙලාවට ජීවිතේ ඒ වගේ මොහොතවල් තව පොඩ්ඩක් හරි වෙලා අල්ලගෙන තියාගන්න මේ film එකේ ජානු සහ රාම් වගේ මොනතරම් උත්සහ ගන්නවද ? තව ටිකක් දුර යන්න, තව ටිකක් එහාට බස් එකක, ටුක් එකක ගිහින් බහින්න, තව චුට්ටක් වෙලා කතා කරන්න , හිනා වෙන්න..


ඒ හැම දේ ඇතුලෙම තියෙන්නෙ ඇත්ත ලෝකෙ ඒක නිදහසේ විදින්න බැරි අපිම හදා ගත්ත හෝ අපිට හැඩ ගැහෙන්න වෙලා තියෙන බාධක නිසා . ඒවගෙ ස්වරූප වෙනස් වුනාට ඒ හැම එකකින්ම කරන්නෙ අපේ ජීවිතේ අපි ජීවත් වෙන්න කැමතිම විදිය, කැමතිම තැන අපෙන් අහිමි කරන එක.


ගොඩක් වෙලාවට අපි ඒ වගේ තැන් වල මුකුත් නොකර බලන් ඉන්නවා නැත්තම් අහිමි වෙන්න , නැති වෙන්න, සමු ගන්න දීලා බලන් ඉන්නවා... මේකෙ තව ටිකක් දුර ගියොත් තමුන් තමන්ව , තමුන්ගෙ හැගීම් මියැදෙන්න දීල බලන් ඉන්නවා. මේක ස්ත්‍රීයට, පුරුෂයට පොදු දෙයක්.


ඒත් ඒ බෙදා ගැනීම්, නිමේෂයන් සමහර වෙලාවට මිනිස්සුන්ට ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තු දෙනවා.. මිනිස්සු ඒ නිමේෂයන් වලින් ලද ප්‍රාණයත් එක්ක ජීවත අලුතින් පටන් ගන්නවා. හරියට කාලෙකින් වැස්ස නැතිව ඉරි තැලුන පොලවකට වැහි දිය හැලිලා පොලව යට හැංගිලා තිබ්බ බිජුවට පෙත්තෙ දෙපෙත්ත දාල ලියලලා මහ පොලවෙන් උඩටමතු වෙනවා වගේ...

ජීවිතේ එහෙමයි සමහර වෙලාවට.



Comments


bottom of page