top of page

කාලය කොතරම් නපුරුද?

  • Asanka Senadeera
  • May 23, 2021
  • 1 min read

අද 2021 මැයි 23...

එයා ගමේ ගිහින් අදට දවස් 13 යි...



මිනිස්සු භෞතිකව මුණ ගැහීම කොච්චර වැදගත් ද කියන එක දැනෙන්න මිනිහෙක් තනි වෙන්නම ඕනෙ.


"කෙනෙක් වැරදි කරලා හරි නොකර හරි බන්ධනාගාරගත වුණාම ඒ ගෙවන්න වෙන කාලය කොච්චර නපුරුද?

"කෙනෙක් තාවකාලිකව පවුලෙ අයගෙන් ඈත්වෙලා ඉගෙන ගන්න හෝ රස්සාවක් කරන්න ගමේ ඉඳන් කොළඹට හෝ පිටරටකට ගියාම ඒ ඉන්න කාලය කොච්චර නපුරුද?"

"කෙනෙක් අම්මව තාත්තව දාල බෝඩිං කාමරයක තනි වුණාම ඒ කාලය කොච්චර නපුරුද?"

"කෙනෙක් එයාගෙ බිරිඳව සහ ළමයින්ව ගෙදර තියල රට හෝ වෙනත් දෙයක් වෙනුවෙන් ආයුධ අතට අරන් යුද්ධ කරන්න හරි කැරළි ගහන්න හරි කැළෑ වැදුණම ඒ කාලය කොච්චර නපුරුද?"

"සැමියා රෑ තනියම හේන කුඹුර රකින්න පැලට ගියාම බිරිඳ ගෙදර ගතකරන කාලය කොච්චර නපුරුද?"

"පෙම්වතෙක්ට පෙම්වතියව බලන්න බැරිව එයාගෙ හුස්ම විඳින්න බැරුව දෙපැත්තකට වෙලා ඉන්න කාලය කොච්චර නපුරුද?"


මේ හැම අවස්ථාවකම එක් පාර්ශ්වයක් හෝ පාර්ශ්ව දෙකම තනිවෙනව. ඒ තනිකමේ ගෙවන කාලය මානසිකව වගේම ශාරීරිකවත් මිනිසුන්ව පෙළනවා. මිනිස්සු කැමතියි සාමූහික වෙන්න තාමත්. එකට ඉන්න මොන ප්‍රශ්නය තිබ්බත්. අනිත් කෙනාව යන්තමින් හරි දර්ශනය වෙන්න. එකට ඉඳගෙන අඩුම තරමෙ රණ්ඩු වෙන්න. කොච්චර නොරිස්සුවත් ඒ ගොඩේම වැටිල ඉන්න. ඒ කාලය මේ කාලයට වඩා ලස්සන වෙයි.

Comentários


bottom of page